ක්ෂය රෝගය
ක්ෂය රෝගය යනු කුමක්ද?
ක්ෂය රෝගය සෑම රටකම, සියලුම වයස්
කාණඩ අතර දැකිය හැකි, ප්‍රධාන වශයෙන් Mycobacterium tuberculosis හා ඇතැම් විට Mycobacterium bovis සහ Mycobacterium africanum නම් බැක්ටීරියා මගින් ඇතිවන බෝවන
රෝගයකි. ලොව පුරා ඇතිවන මරණ වලට ක්ෂය රෝගය ප්‍රධාන හේතුවක් වේ.
එය වාතය හරහා බෝවන රෝගයකි. එය පෘෂ්ඨ ස්පර්ශයෙන් සම්ප්‍රේෂණය නොවේ. සම්ප්‍රේෂණය සිදුවන්නේ ශ්වසන බිඳිති හරහා ය. මයිකොබැක්ටීරියම් (tubercle bacilli) අඩංගු ශ්වසන බිංදුවක් ශ්වසන මාර්ගය හරහා පෙනහළු වල ඇල්වෙයෝලි දක්වා ගමන් කර ආසදනයවීම ක්ෂය රෝගයට හේතු වේ.
කෙසේ වෙතත්, සාමන්‍යයෙන් පෙනහළු වලට ආසාදනය වන ක්ෂය රෝගය, හිසකෙස් සහ නියපොතු හැර ශරීරයේ අනෙකුත් අවයව
වලටද බලපෑමට හැකියාව ඇත.
අවදානම් කණ්ඩායම්
· දියවැඩියා රෝගීන්
· එච්.අයි.වී. (HIV) ආසාදිත පුද්ගලයන්
· මන්දපෝෂණය සහිත අය
· දීර්ඝ කාලීනව මත්පැන් භාවිතා කරන අය
· දිගුකාලීන ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන්
· පිලිකා සහිත පුද්ගලයන්
· සෞඛ්‍යය සේවකයින්
ක්ෂය රෝගය වර්ගීකරණය
- ව්‍යුහ විද්‍යාත්මක අඩවිය මත පදනම්ව (රෝගය පවතින තැන අනුව)
- ශ්වසන පද්ධතියට (පෙනහළු) සම්බන්ධ ක්ෂය රෝගය
- පෙනහළු වලින්
පිටත ආසදනයවීමෙන් ඇතිවන ක්ෂය රෝගය (ප්ලූරා, වසා ගැටිති, උදරය, ප්‍රජනක මුත්‍රා මාර්ගය, සම, අස්ථි, සන්ධි, මෙනින්ජස්)
Ø
- පෙර ක්ෂය රෝගයේ ඉතිහාසය මත පදනම්ව
- නව රෝගීන්
- මීට පෙර ප්‍රතිකාර කළ රෝගීන්
- එච්. අයි.වී (HIV) තත්ත්වය මත පදනම්ව
- ඖෂධ වලට දක්වන
ප්‍රතිරෝධය මත පදනම්ව
ක්ෂය රෝගයේ පොදු රෝග ලක්ෂණ
Ø හුස්ම හිරවීම (හුස්ම ගැනීමේ අපහසුතාවය)
Ø පපුවේ වේදනාව
Ø රක්තපාතය
Ø මද උණ ගතිය
Ø රාත්‍රී දහඩිය දැමීම
Ø ආහාර අරුචිය
Ø බර අඩුවීම
Ø වෙහෙසකාරීබව
පරීක්ෂාව සහ රෝග විනිශ්චය විමර්ශන
1. 1. AFB (ඇසිඩ් ෆාස්ට් බැසිලස) සඳහා සෙම සාම්පල
අන්වීක්ෂය පරීක්ෂාව
සාම්පල තුනක් අවශ්‍යයි
2. පපුවේ එක්ස් කිරණ පරීක්ෂාව
3. AFB (ක්ෂුද්‍ර ජීවීන්
පෝෂණ මාධ්‍ය තුල) වගා කිරීම (culture on media)
ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සති 6-8 ක් පමණ ගත වේ
4. වේගවත් රෝග විනිශ්චය පරීක්ෂණ
- ü ජීන් එක්ස්පර්ට් පරීක්ෂාව (Gene Xpert MTB/RIF) (එය වේගයෙන් හඳුනා ගැනීම සඳහා පොලිමරේස් දාම ප්‍රතික්‍රියා ක්රමයකි
- ü රේඛීය පරීක්ෂණ තක්සේරුව (Line probe assay)
අණුක ජීව විද්‍යාත්මක
රෝග විනිශ්චය ක්‍රමය
5. ක්ෂය රෝග සම් පරීක්ෂණය (මැන්ටූක්ස්) (skin
test)
6. පටක බයොප්සි සහ
අතිරේක පුප්පුසීය රෝග විනිශ්චය සඳහා වන ක්‍රම
ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම
නිර්දේශිත ප්‍රතිකාර ක්‍රමය කිසිදු බාධාවකින් තොරව නොකඩවා මාස 6-8 දක්වා අනුගමනය කළ යුතුය.
එය සුව කළ හැකි රෝගයකි.
නිසි වෛද්‍ය උපදෙස් සහ නිරීක්ෂණය මත සියලුම ප්‍රතිකාර සිදුකරනු ලබයි.විශේෂිත
අනුමත ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනු ලැබේ.
ක්ෂය රෝග නාශක ඖෂධ භාවිතා කරන විට අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇත. මෙම තත්වයන් පාලනය
කීරීම සඳහා නිසිලෙස රෝගීන් අධීක්ෂණය කිරීම සඳහා අක්මා ක්‍රියාකාරිත්ව සම්බන්ධ පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ සිදුකරනු ලැබේ.
සායනික තත්වයන්ට අනුව අතුරු ආබාධ සඳහා වෙනත් ප්‍රතිකාර ක්‍රම
තිබේ. මේ සියල්ල අධීක්ෂණය කරනු ලබන්නේ පළපුරුදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසිනි.
විශේෂ අවස්ථා වලදී ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම
- ü ගර්භනී කාන්තාවන්ට
- ü කිරිදෙන මව්වරුන්ට
- ü ක්‍රියාකාරී ක්ෂය රෝගයෙන් පෙළෙන මවකගේ අලුත උපන් දරුවාට
ඉහත සියළු සිද්ධීන් සාර්ථකව කළමනාකරණය කර ප්‍රතිකාර කළ හැකිය
සම-රෝගාබාධ කළමනාකරණය
- ü එච්.අයි.වී (HIV) ආසාදනය සමඟ ඇති ක්ෂය රෝගය
- ü දියවැඩියා සමඟ ඇති ක්ෂය රෝගය
- ü වකුගඩු ආශ්රිත රෝග සහිත පුද්ගලයන්ට ක්ෂය රෝගය ඇතිවීම
- ü අක්මාව ආශ්රිත රෝග සහිත පුද්ගලයන්ට ක්ෂය රෝගය ඇතිවීම
ඉහත අවස්තා වලදී විශේෂ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබේ
ඖෂධ වලට ප්රතිරෝධීවීම ක්ෂය රෝගය පාලනය කිරීමේ සහ කළමනාකරණයේ ප්‍රධාන ගෝලීය
තර්ජනයකි.
අවසාන වශයෙන්, ඔබට සති දෙකකට වඩා කැස්ස සහ වෙනත් ඉහත සඳහන්
රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම ඇති ළය රෝග මර්ධන ඒකකයට පැමිණීම වැදගත් වේ. ඔබේ රෝගයෙන්
නිදහස් වීමට මෙන්ම මෙම ක්ෂය රෝගය ලෝකයෙන් තුරන් කිරීමටද එය උපකාරී වනු ඇත.







👍
ReplyDelete